පොදුජන පෙරමුණේ ලේකම්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්

කුරුවිට ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්.රත්නසිරි එම ධුරයෙන් ඉවත්කර ඒ සඳහා වෙනත් අයකු පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් වෙතයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රත්නසිරි මන්ත්‍රීවරයා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ දිසා විනිසුරු අරුණ අලු‍ත්ගේ මෙම වාරණ නියෝග නිකුත් කරනු ලැබුවේ.

එම නියෝගය ලබන 12 වනදා දක්වා බල පැවත්වෙනු ඇති.

ඊට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට අධිකරණය එහි වග උත්තර කරුවන් වන එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාරට නොතිසි නිකුත් කර තිබෙනවා.