ඔස්ට්‍රේලියාව කලබල වෙයි
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මේ වන විට උතුරු භූමි කලාපයෙන්, ක්වීන්ස්ලන්ත සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවලින්ද නව ආසාදිතයින් වාර්තාවෙමින් පවතින අතර එරට ප්‍රදේශ කිහිපයකින්ම මෙලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස ගණනාවකට පසුව බව බලධාරීන් පැවසීය.
සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සිඩ්නි නුවර ආසාදිතයින් වර්ධනය කිරීමට හේතුවී තිබේ.
මේ වන විට සිඩ්නි නුවරින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 128ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.
පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ප්‍රධානීන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙය එරටට තීරණාත්මක කාලයක් බව එරට බලධාරීන් පවසයි. එකවර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මාස කිහිපයකට පසු පළමුවරට ය.
ආසාදිතයින් වර්ධනය වීම හේතුවෙන් මේ වනවිට සිඩ්නි සහ ඩාර්වින් නගර ලොක්ඩවුන් කර ඇති අතර තවත් ප්‍රාන්ත 4කට විවිධ සීමා හඳුනවා දී තිබේ.
සමහර ව්‍යාපාරික සහ වෙනත් ස්ථාන වසාදැමීමට නියෝග කර තිබේ.