කාන්තවෝ පිරිමින්ගේ හැඟීම් අවස්සන්නේ නැතුව හිටියොත් අපචාර අඩු වෙයි – ඉම්රාන් ඛාන්
කාන්තාවන් ශරීරය නිරාවරණය වන ඇඳුම් ඇඳ සිටින විටදී පිරිමින්ට ඔවුන් ගැන හැඟීම් පහළ වීම සාමාන්‍ය දෙයක් බවත්, එසේ නොවන්නේ රොබෝවරුන්ට පමණක් බවත් පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම් රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.
ඒ ජාත්‍යන්තර HBO නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකදීය.
කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අඩන්තේටම් නතර කිරීමට නම් කාන්තාවන් විසින්ම සිය ඇඳුම් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඔහුගේ මෙම ප්‍රකාශය පාකිස්තානයේ විපක්ෂ නායක බිල්වාල් භූතෝ සර්දාරි දැඩිව විවේචනය කර ඇති අතර කාන්තාවකගේ ඇදුම සහ ඇයට වන හිරිහැර අතර සම්බන්ධයක් නොමැති බවද ප්‍රකාශ කර තිබේ.
ඉම්රාන් ඛාන්ගේ මෙම ප්‍රකාශයෙන් ඔහු බියගුල්ලෙක් බව හැඟීයන බවයි සර්දාරි ප්‍රකාශ කර ඇත්තේ.