දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් අද (29) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳසෙවන නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ගල්බොරැල්ල 100 වත්ත ප්‍රදේශය මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ගෝනගල ග්‍රාමනිලධාරී වසමේ බොල්තුඩුව ගම, අම්පාර දිස්ත්‍රික්කයේ මීරවෝදි නැගෙනහිර 207 ප්‍රදේශය සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ මැන්වකෝලායි බදුරිය 207A ප්‍රදේශවලට පනවා තිබූ  හුදෙකලා බව අද අලුයම සිට ඉවත් කර තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර සහ පහළ ගොරකඔය යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා බව ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ යටිහේන ග්‍රාම නිලධාරී වසමේ පොල්හේන පාර, ලේක්වීව් පාර, යෝජනා මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ ද හුදෙකලා බවින් නිදහස් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේම සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ පහත දැක්වෙන ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කර තිබෙනවා.

එම ප්‍රදේශ වන්නේ උපුල් වසන්ත මාවත, දේවාල පාර, ආරියදාස විතානගේ මාවත, ආරියදාස විතානගේ මාවත අවසන්වන ස්ථානය, සියඹලාපෙවත්ත කඳුබොඩ පාරයි.