කොරෝනා එන්නත් මිශ්‍ර කර ලබාදීමෙන් වැඩි ආරක්ෂාවක්
කොරෝනා එන්නත්කරණයේදී ලබාදෙන පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව මිශ්‍ර කර ලබාදීමෙන් වෛරසයට එරෙහිව වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි බව බ්‍රිතාන්‍ය සිදුකළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.
විවිධ සන්නාමවලට අයත් කොරෝනා එන්නත් මාත්‍රා මෙලෙස මිශ්‍ර කර ලබාදීම ප්‍රතිඵලදායක බව එම අධ්‍යයනයේදී හෙලිව ඇති කරුණක්.
ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගැනීමෙන් අනතුරුව ෆයිසර් එන්නතේ මාත්‍රාවක් දෙවන මාත්‍රාව ලෙස ලබාගැනීමෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.