සරසවි අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් එන්නත් කිරීමට සැලසුම්
කොරෝනා වසංගතය හමුවේ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා එන්නත් කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙස විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.