පළමු එක්දින ගැටුමේ කාසියේ වාසිය එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගන්තය අතර පළමු එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට හිමිවූවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දු යැවීමටයි ඔවුන් තීරණය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එංගලන්තය සමග පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී අමිහිරි පරාජයන් ත්‍රිත්වයකට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සිට තරග 3කින් සමන්විත එක්දින තරඟාවලියට එක්වනවා.

ඒ නැතිවුණ ගෞරවය කෙසේ හෝ රැකගැනීමේ අරමුණ ඇතිවයි.

නමුත් මෙම එක්දින තරග තුනේදී කණ්ඩායමට උපනායකයකු නොමැති වෙද්දී ආරම්භ පිතිකරුවන්ගේ ද අර්බුදයකටත් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටිනවා.

ඒ අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ගොදුරු වෙද්දී,විනය කඩ කළ ධනුෂ්ක ගුණතිලකට, කුසල් මෙන්ඩිස්ට සහ නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවමින් යළි ශ්‍රී ලංකාව බලා පිටත් කර හැරීම හේතුවෙන්.

ඒ අනුව චරිත් අසලංකට සහ ධනංජය ලක්ෂාන්ට අද එක්දින වරම් හිමිවන්නට ද වැඩි ඉඩක් පවතිනවා.

තරඟය Chester-le-Street ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

බොහෝදුරට අද තරඟයට එක්විය හැකි බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය සඳහන් කළ කණ්ඩායම් පහතින්.

England: (possible)

1 Dawid Malan,
2 Jonny Bairstow (wk),
3 Joe Root,
4 Eoin Morgan (capt),
5 Liam Livingstone / Moeen Ali,
6 Sam Billings,
7 Sam Curran,
8 Tom Curran,
9 Chris Woakes,
10 Mark Wood,
11 Adil Rashid

Sri Lanka: (possible)

1 Kusal Perera (capt, wk),
2 Pathum Nissanka,
3 Oshada Fernando,
4 Charith Asalanka,
5 Dhananjaya de Silva,
6 Ramesh Mendis,
7 Dasun Shanaka,
8 Wanindu Hasaranga,
9 Lakshan Sandakan/Binura Fernando,
10 Dushmantha Chameera,
11 Nuwan Pradeep