ඊයේ පමණක් බිලියන 208.45 අච්චු ගහලා.. අලුත් ආණ්ඩුව ටි‍්‍රලියනයක් සල්ලි අච්චු ගහලා..

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුල ඊයේ දින වන විට මෙරට අච්චු ගසන ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවන බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරට අච්චු ගසා ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් 1,128,000,000,000 යයිද ඒ මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

‘සිම්බාබ්වේ මගේ තවත් ජයග්‍රහණයක්’ යන හිසින් යුතුව ඔහුගේ සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක මේ බව දැක්වෙයි.

මේ අතර ඊයේ දිනයේ මහ බැංකුව විසින් රුපියල් බිලියන 208.45 ක් මුද්‍රණය කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

මෙම මුදල දිනක් ඇතුලත මුද‍්‍රණය කරන ලද වැඩිම මුදල් ප‍්‍රමාණය යයිද එම වාර්තා දැක්වෙයි.