වනජීවී නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

වනජීවී නිලධාරීන් අද ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

ඒ, පසුගියදා මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්‍රිත විශේෂ මෙහෙයුමක යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට යුද හමුදාවේ කණ්ඩායමක් විසින් බාධා කළා යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සිද්ධියට අදාලව මේ වනවිට දෙපාර්ශයෙන්ම පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතු බව පවසමින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය හෙට අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.