අද දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද පෙරවරුවේ සිට සංකේත වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතයි.

වෘත්තීය සමිති 34 ක සහභාගීත්වයෙන් අද පෙරවරු 8 සිට රාත්‍රි 12 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රුපියල් මිලියන 4,400 ක් වැය කරමින්, විදෙස් සමාගමක් සමඟ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සදහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීම මගින් සිදුවන බව කියන මූල්‍ය වංචාවට එරෙහිව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කරනු ලබනවා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග කිහිප වතාවකදී සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි එම සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ.