ආනයන අපනයන බහාලුම් නිෂ්කාශන කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර
ආනයන අපනයන බහාලුම් නැවත ලබා ගැනීමේදී ඇති වන අපහසුතා මඟ හැරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සමග වරාය සහ රේගු ක්ෂේත්රවලට අයත් සියලුම රාජ්‍ය නිලධාරින් එක්ව සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණේ වරාය අමාත්‍යාංශයේදීයි.
එහිදී වරාය සහ රේගු කටයුතු ඩිජිටල්කරණය කිරීමට අවධානය යොමුවී තිබෙනවා.
එමගින් අපනයන ආනයන බහාලුම් කඩිනමින් ලබාදීම සහ රේගු පහසුකම් ලබාගැනීමේදී ඇති වන ගැටලු අවම කිරීමට හැකිවන බවටයි සාකච්ඡා වී ඇත්තේ.