පෑලියගොඩ පොකුර පාලනයට සෞඛ්‍ය අංශ දැඩි පරිශ්රමයක… තවත් පොකුරක් ආවොත් දරාගන්න බැහැ…..
රට පුරා දිස්ති‍්‍රක් විසිතුනක් දක්වා කොරෝනා වසංගතය පැතිර යමින් ඇතිවී තිබෙන භයානක තත්ත්වය හමුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මතුවූ කොරෝනා පොකුරේ පැතිරීම පාලනය කර ගැනීමට ඊයේ (29 වැනිදා) දිනය වන විටත් සෞඛ්‍ය බලධාරීහු දැඩි වෙහෙසක් ගනිමින් සිටියහ.
මෙම තත්ත්වය හමුවේ ඊයේ මධ්‍යම රාති‍්‍රයෙන් ආරම්භ කෙරුණු බස්නාහිර පළාතටම කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සමග දැඩි ලෙස සංචරණයන් වළක්වා ගනිමින් ඇඳිරි නීතිය කඩකරන සහ නිරෝධායන රීතීන් උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නෛතික කි‍්‍රයාමාර්ග ගැනීමට පොලිසිය හා ආරක්ෂක අංශ තීරණය කර ඇත.
දැනට රට තුළ පවතින තත්ත්වය තුළ පෑලිගොඩ කොරෝනා පොකුර අතරේ යම්ලෙසකින් තවත් පොකුරක් නිර්මාණය වුවහොත් එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඊයේ සඳහන් කළේය.
එවැන්නක් සිදුවුවහොත් මුළු රටම බරපතළ අපහසුතාවකට මුහුණ දෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශි‍්‍රත කොරෝනා පොකුරෙන් ඊයේ (29 වැනිදා) පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයන් 414 දෙනකු වාර්තා වී තිබිණි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ කොරෝනා පොකුරේ ආශි‍්‍රතයන් ලෙස පෙරේදා (28 වැනිදා) රාති‍්‍ර වන විට නව ආසාදිතයන් 335 ක් වාර්තා වී තිබුණු අතර එහිදී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹින් බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
එම ආසාදිතයන් සංඛ්‍යාව 237 කි. මේ අතරිනුත් ආසාදිතයන් 161 දෙනකුම වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළිනි.