ඉන්දුනීසියාවේ දී මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරලී 7 ක් මරුට – 11 ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ බාලි වෙරළට ආසන්නයේ මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 11 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ කේ.එම්.සී යුනිසි නමැති මගී ප්‍රවාහන යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්‍රාව තුල පුද්ගලයින් 57 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව ද සඳහන්.