වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ගැසට් නිවේදනයට අනුව රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අවුරුදු 61ක් ලෙස දැනට පවතින විශ්‍රාම ගැනීමේ වයස් සීමාව මෙලෙස වසර දෙකකින් දීර්ඝ වනු ඇති.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට මෙය අදාළ වනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල තීරණය ලබාදුන් අප්‍රේල් මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන ලෙස බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.