සංචරණ සීමා කඩ කළ පෞද්ගලික බස් රථයක් පොලිස් භාරයට

පළාත් අතර සංචරණ සීමා කඩ කරමින්, මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී බස් රථයේ සිටි රියදුරු, කොන්දොස්තර ඇතුළු 38 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේදීයි.

මේ අතර බස් රථයේ රැගෙන ආ යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.