මුදල් අච්චු ගැසීමේ චෝදනාවට රජයෙන් පිළිතුරු
බිලියන ගණනින් දිනපතා මුදල් අච්චු ගසන බවට සමගි ජන බලවේගය සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ එය සාමාන්‍යයෙන් මාස හයකට වරක් සිදුවන ක්‍රියාවලියක් බවයි.
මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ මුදල් අච්චු ගැසීම මගින් උද්ධමනය ඉහළ යන බවයි.