ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ලක් රජයෙන් යුරෝපා සංගමයට දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ ප්රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ලක් රජය යුරෝපා සංගමයට දැනුම් දී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ ප්රතිසංධාන ප්‍රගතිය පිළිබඳවද කරුණු දක්වමින්.
ඒ අනුව ජුනි 25 වැනිදා විදේශ අමාත්‍යාංශය විසින් දැනට පවත්නා නීති සම්පාදන, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් මෙහිදී සමාලෝචනය කෙරෙනු ඇති.
ඊට අදාළව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය යුරෝපා සංගමය වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කල බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමග විධිමත් සහ බහුවිධ සංවාදයකට නිරන්තරයෙන් කැපවී සිටින බවත් එහිදී පැහැදිලි කර තිබෙනවා.
ද්විපාර්ශවික සහයෝගීතාවයේ සියලු අංශ සමාලෝචනයට ලබන වසරේ පළමු කාර්තුවේදී ඒකාබද්ධ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද අදාළ කරුණු දැක්වීම්වල සඳහන්. ජී.එස්.පී අධීක්ෂණ චක්‍රය පිළිබඳ පසු විපරම සඳහා ලක් රජය පුළුල් ප්‍රතිචාරයක් යුරෝපා කොමිසමට ලබා දී ඇති බවද විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.