සහල් දඩයේ පනත් කෙටුම්පත නීතිපතිට

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන්ගෙන් අය කරන දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට අදාල පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වැඩි මිලට සිදුවන සහල් අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!