කැනඩාවේ උණුසුම් කාලගුණයෙන් දින 05 කදී 486 ක් මරුට

කැනඩාවේ බටහිර ප්‍රදේශයට බලපා ඇති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දින 05 ක් ඇතුළතදී පුද්ගලයින් 486 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උණුසුමත් සමඟ ඇතැම් ප්‍රදේශවල මාර්ගවලට යොදා ඇති තාරද උණු වී ඇති බවයි.

එසේම, උණුසුමත් සමඟ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා හි පිහිටි ලිටන් නගරයේ උණුසුම සෙල්සියස් අංශක 49 ඉක්මවා ගොස් තිබෙනවා.