පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ රාජකාරි ලබන 05 වනදා සිට ඇරඹෙයි
ලබන 05 වනදා සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සීමිත මහජන සේවාවන් සඳහා විවෘත කෙරෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුරකථන ඇමතුම් ලබා දී දිනයන් සහ අංකයන් වෙන් කර ගන්නා පුද්ගලයන්ට පමණක් සේවාවන් ලබා ගත හැකි බවයි.
ප්රාදේශිය ලේකම් කාර්යාල වල හැඳුනුම්පත් අංශයට යොමු වී තම දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලවල දුරකථන අංක මගින් දිනයන් වෙන් කරවා ගැනීම අනිවාර්ය වන බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එසේම මේ වන විට ඉල්ලුම්පත් යොමු කර ඇති පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලියාපදිංචි තැපෑල හරහා යොමු කිරීමට නියමිතයි.
පහත දැක්වෙන දුරකථන අංක අමතා දිනයක් සහ අංකයක් වෙන්කර ගත යුතු වනවා.
බත්තරමුල්ල ප්රධාන කාර්යාලය 01152261126 / 0115226100
දකුණු පළාත් කාර්යාලය 0912228348
වයඹ පළාත් කාර්යාලය 0375554337
උතුරු පළාත් කාර්යාලය 02422272201
නැගෙනහිර පළාත් කාර්යාලය 0652229449