ඇමෙරිකාවේ මියාමි නගරයේ ගොඩනැගිල්ල කඩා වැටීම ගැන පරීක්ෂණයක් අරඹයි

ඇමරිකාවේ – ෆ්ලොරිඩා හි, මියාමි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් 145 ක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.

1980 වසරේ ඉදිකළ මෙම මහල් 12 කින් සමන්විත ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමක් පවතින බවට වසර 3 ක සිට අනතුරු ඇඟවීම් සිදුකර තිබියදීත් මෙවැන්නක් සිදුවීම සොයා බැලීම අත්‍යාවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය 25 වනදා මෙම ගොඩනැගිල්ල කඩා වැටුණු අතර, අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.