රු.ට්‍රිලියන 15ක විදෙස් ආයෝජන ගෙන ඒමට දෙමළ ඩයස්පෝරාව සුදානම්

ශ්‍රී ලංකාවේ රුපියල් ට්‍රිලියන 15ක මුදලක් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට දෙමළ ඩයස්පෝරාව සුදානම් බව එහි සාමාජික නිමලන් විශ්වනාදන් මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය ආයෝජන කිරීමට යුරෝපයේ මෙන්ම බටහිර රටවල සිටින මිලියන 3ක ද්‍රවිඩ ජනතාවක් සුදානමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය ඒ සඳහා සහයෝගය ලබා දෙන්නේ නම් ලබන මස සිට එම විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට දෙමළ ඩයස්පෝරාව සුදානම් වෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දැනට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුධයට සාර්ථකව මුහුණ දීමටත්, විදේශ සංචිතය වර්ධනය කිරීමටත් අවශ්‍ය පියවර මසක් ඇතුලත ගැනීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරන බව විශ්වනාදන් මහතා පවසයි.

තම සංවිධානය මැදිහත් වී වසර 3ක් ඇතුලත ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාමට අවශ්‍ය වේදිකාවක සැලසුම් රැසක් රජය වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී බලාපොරොත්තු වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට දියුණු කිරීමට අවශ්‍යතාවය තිබුණත් ඇමති මණ්ඩලයට ඒ සඳහා උවමනාවක් නොමැති බව ඔහුන්ගේ හැසිරීමෙන් පෙනී යන බව විශ්වනාදන් මහතා අවධාරණය කරයි.

තමන් කිහිප අවස්ථාවකදීම මෙරට විදේශ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රධාන පෙළේ මැති ඇමතිවරු කිහිපදෙනෙකුම හමු වී ඇතත් ඔවුන් සෑම මොහොතකම කොමිස් මුදල් බලාපොරොත්තු වූ බවත් එසේ කොමිස් මුදල් නොලැබීම නිසා උදාසීනව හැසිරෙන බවත් ඔහු පවසයි.

එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ගෙන ඒම පිළිබඳව ගැටළුවක් වී ඇති නිසා ජනාධිපතිවරයාගේ අවධානය මෙන්ම මැදිහත්වීමක් සිදුවිය යුතු බව දෙමළ ඩයස්පෝරාවේ සාමාජික නිමලන් විශ්වනාදන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.