ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.
සේවා අවශ්‍යතාවය මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පරිපාලන දිසාව භාරව පත්කර ඇති අතර, අපරාධ හා රථවාහන කොට්ඨාශය භාරව පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්.පතිනායක ප්‍රජා පොලිස් හා පාරිසරික කොට්ඨාශයට මාරු කර යවා තිබෙනවා.
වයඹ පළාත භාරව සහ උතුරු මැද පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එස්.එම්.ධර්මරත්න පත්කර ඇති අතර, ඩබ්ලිව්.කේ.ජයලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කරනු ලබන්නේ උතුර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්. කොඩිතුවක්කු සබරගමුව පළාත භාරව සහ ඌව පළාත් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති එන්.එල්.විජේසේන මාරු කර යවා ඇත්තේ අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.