ඉතියෝපියාවේ ලක්ෂ 04 ක් ආහාර අර්බුදයක
ඉතියෝපියාවේ – ටයිග්‍රේ ප්‍රදේශයේ පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 04 ක් පමණ සාගතයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ළමයින් 33,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙලෙන බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සඳහන් කළේ.
මාස 08 ක පමණ කාලයක් තිස්සේ ඉතියෝපියානු රජය සහ ටයිග්‍රේ හි කලාපීය හමුදාවන් සමඟ පවතින ගැටුම් හේතුවෙන් තවත් මිලියන 1 යි දශම 8 ක පිරිසක් සාගතය අභියස සිටින බවයි ජගත් සංවිධානය පවසන්නේ.
පසුගිය සඳුඳා ඉතියෝපියානු හමුදාව ඒකපාර්ශවික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද තවදුරටත් එහි ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.