කොළඹ කොටස් වෙළඳපල වරාය නගරයේ ගනුදෙනු වලට මැදිහත් වෙයි
කොළඹ වරාය නගරය තුළ කලාපීයව පිළිගත් මූල්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ඇති කිරීමේ අරමුණ ඇතිව කොළඹ කොටස් වෙළෙඳපළ සහ වරාය නගරය අතර අවබෝධතා ගිවිසුමකට ඊයේ අත්සන් තැබුණා.
ඒ අනුව කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර බහු විනිමය හුවමාරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙනු ඇති.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ කොටස් වූ හුවමාරුවේ සභාපති දමිත් ප්‍රනාන්දු සඳහන් කළේය ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුව වරාය නගරය තුල ජාත්‍යන්තර කොටස් වෙළඳපළක සහයෝගයද ඇතිව ක්‍රියාත්මකවීමට බලාපොරොත්තු වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ වරාය නගරයේ කළමනාකාර අධ්යක්ෂ ජියෑන් හවුලියෑන් සඳහන් කළේය වරාය නගරයේ ජාතන්තර කොටස් වෙලඳ පලක් පිහිටුවීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සමඟ කටයුතු කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටට පත් වන බවයි.
මේ සමග ලොව පුරා සමාගම් වලට නව ආයෝජන අවස්ථාවන් ට ප්රවීශ්ඨ වීමේ දොරටුවක් ද විවෘත වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.