කැනඩාවේ අධික උණුසුමෙන් මියගිය සංඛ්‍යාව 719 දක්වා ඉහළට
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය සතිය තුල පමණක් කැනඩාවේ පුද්ගලයින් 719ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ අධික උණුසුම සහ අකුණු හේතුවෙන් හට ගත් ලැව් ගිනි තත්වයන් 136 ක් ද, බටහිර කැනඩාව පුරා වාර්තා වන බවයි.
ලැව්ගිනි පාලනය කිරීම සදහා එරට රජය මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
එම මෙහෙයුම් සදහා බි්‍රතාන්‍ය – කොලොම්බියා ලැව්ගිනි සේවයේ ගුවන් යානාද යොදවා ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.