ශ්‍රී ලංකාවෙන් පිට රටට මුදල් යැවීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව නීති මාලාවක්
රට තුල පවතින විදෙස් මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිට රටට මුදල් යැවීමේදී සීමා පැනවීමක් සිදුකර තිබෙනවා.
2017 අංක 12 දරණ විදෙස් විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ පනවන ලද මෙම නියමයන් 2021 ජුලි දෙවන දින අති විශේෂ ගැසට් නිවේදනයක් හරහා පළ කෙරුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීමේදී මාස 6ක කාලයක් සඳහා බලපැවැත්වෙන අත්හිටුවීම් සහ සීමා කිරීම් ක්‍රියාත්මකයි.
මූලික කරුණු 9ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම අත්හිටුවීම් සහ සීමා කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ වාර්තාව පහතින්.