යාචක දරුවන්ට සහනයක්

මේ වනවිට මෙරට දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව යළි සමාජය තුළ සංවාදයක් මතුව තිබෙනවා.

එහෙත් යාචක දරුවන් පිළිබඳව බොහෝ දෙනෙකුගෙන් අවධානය යොමු නොවන්නේ ඔවුන් සමාජයේ වෙනම කොටසක් ලෙස ජීවත් වීම නිසාවෙන් ද ?

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොරෝනා ව්‍යාප්තියත් සමඟ සිඟමන් යැදීමේ යෙදුණු බොහෝ දෙනෙකු ගැටලු රැසකට මුහුණදුන් බව රහසක් නොවේ.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආලෝක සංඥා පුවරු අසල රැඳී සිඟමන් යදින බොහෝ දෙනෙකු දරුවෙකුද රැගෙන එම කටයුතුවල නිරත වීම මේ දිනවල සුලභ දසුනක් බවට පත්වෙලා.

සියලුදෙනා දරුවන්ට සිදුවන අපයෝජන පිළිබඳව අවධානය යොමුකරද්දී අපේම දරුවන් පිරිසක් වූ මෙම දරුවන් පිළිබඳව නිසි අවධානයක් යොමු නොවන තරම්.

ඒ අනුව අප මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විමසීමක් කළා.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කළේ ඉදිරියේදී යාචක දරුවන් රෝහල්වල ළමා ඒකක වෙත රැගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ නියමු ව්‍යාපෘතියක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ශ්‍රී ලංකාවේ යාචක කටයුතු පිටුපස ජාවාරම් රැසක් ක්‍රියාත්මක බව සැවොම දන්නා කරුණක්.

එවන් තත්ත්වයක් තුල මෙම දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව අප රටක් ලෙස තවදුරටත් අවධානය යොමුකළ යුතු නොවේ ද ?