බැසිල් පාර්ලිමේන්තු එවන්නැයි සීනිගම දෙවියන්ගෙන් ඉල්ලති..

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලමිනි දේව කන්නලව්වක් සීනිගම දේවාලයේ දී පැවැත්වී තිබේ.
මෙම දේව කන්නලව්ව දකුණු පළාත් සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලඥයන් පිරිසක් විසින් සංවිධානය කර තිබින.
ඒ සඳහා එම පක්ෂ ප්රාදේශීය සභා මන්ත්රීවරුන් ඇතුළු පාක්ෂිකයින් පිරිසක්ච සහභාගි වී සිටියහ.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රිවරයෙක් ලෙස පත් කිරීමට බලධාරීන්ට සිත් පහළවේවා යැයි පිරිස දේව කන්නලවු කලහ.