ගිනිගත් නෞකාවේ අපද්‍රව්‍ය ටොන් 1,500 ක් එක්රැස් කෙරේ
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිණිගැනීමෙන් මෙරට සාගර කලාපයට එක් වූ අපද්‍රව්‍ය ටොන් 1,500 ක ප්‍රමාණයක් මේ වනවිට ගබාඩා තුළට රැස් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ රසායනික අපද්‍රව්‍ය හා උපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා බලපත්‍රලත් උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගබඩා මධ්‍යස්ථාන කිහිපයක් තුළ ඒවා ගබඩා කර ඇති බවයි.
එලෙස රැස්කර ඇති අපද්‍රව්‍ය වලින් බහුතරයක් පරිසරයට හානි කර ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය බවටද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ තවදුරටත් මෙරට වෙරළ තීරයට අපද්‍රව්‍ය ගොඩ ගසමින් පවතින බවයි.
ඒවා එක්රැස් කිරීමේ කටයුතු සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක බලකාය, නාරා ආයතනය සහ නාවික හමුදාව එක්ව තවදුරටත් සිදු කරනවා.