පොලීසියෙන් සොයන නාමල් කතා කරයි.!
සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොහොර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර එය සෞඛ්‍ය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වා
ඇති බවට චෝදනා එල්ල වී ඇත්තේ.
මේ අතර ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසන්නේ සිය සටන අත් නොහරින බවයි .
————–එම සටහන පහළින්——————–=