පිලිපීන හමුදා ගුවන් යානයක් අනතුරේ 45ක් මියගිය බවට සැක
මගීන් 85ක් රැගත් පිලිපීන ගුවන් හමුදාවට අයත් C130 වර්ගයේ ගුවන් යානාවක් අනතුරට ලක් වී තිබෙනවා.
පිලිපීන ආරක්ෂක අංශ ප්‍රධානියා පැවසුවේ මෙම ගුවන් යානය ගුවන් ගත ගත වී සුළු මොහොතකින් රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බවයි.
කාර්මික දෝෂයකට ලක්වූ ගුවන් යානය දකුණු පිලිපීනයේ සුළු ප්‍රදේශ්යේ ජෝජෝ (jojo) දූපත්ට හදිසි ගොඩබෑමක් සිදු කිරීමට උත්සාහ දරා ඇති අතර එහි දී මෙම අනතුර සිදුවී තිබෙනවා.
ගිනිගනීමට ලක්වූ යානාවේ සුන්බුන් අතරින් මගීන් හතළිස් දෙනකු දෙනකුගේ දිවි බේරා ගැනීමට හැකිවූ බවයි විදෙස් ප්රවෘත්ති සේවාවන් වාර්තා කරන්නේ.