එමිරේට්ස් මෙරට ගුවන් මඟින් ගැනීම නවතයි

ශ්‍රී ලංකාවෙන්,පාකිස්ථානයෙන් සහ බංග්ලාදේශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙනයාම ජූලි මස 15 වනදා දක්වා අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර තිබෙනවා.
එමෙන්ම පසුගිය සති දෙකක කාලය තුළ මෙම රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජූලි 15 දක්වා ඇතුළුවීමට ද අවසර නොලැබෙනු ඇති.
කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට,එමීර් රාජ්‍යයේ රන් වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවයි එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කරන්නේ.
මේ අතර ඊයේ දිනයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඉන්දියාවෙන් සංචාරකයින් එරටට ගෙන්වා ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කළා.