ආසාදිතයන් 6058 දෙනකු රෝහලේ. – සුවය ලබා පිටව ගිය පිරිස 4232යි .

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොරෝනා පොකුරත් සමග ඊයේ වන විට මෙරට තුළ ආසාදිතයන් 6058 දෙනකු රෝහලගත්ව ප‍්‍රතිකාර ලබමින් සිටි අතර සුවය ලබා පිටව ගිය පිරිස 4232 ක් විය.

මේ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ සහ කොළඹ යන දිස්ති‍්‍රක්ක දෙකෙන් වාර්තා වී තිබිණ.

මෙසේ දිගින් දිගටම රෝගීන් වාර්තාවීමත් සමග කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහල සහ දුම්බර, අගුණකොළපැලැස්ස යන බන්ධනාගාර රෝහල් ද කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යෑමට ද රජය තීරණය කරනු ලැබීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!