“මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

“මක්තබ් මද්‍රසා” වකූෆ් සභාව යටතට ගෙන නිත්‍යානුකුල කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා වකූෆ් සභාව තීරණය කර තිබේ.

අවබෝධතා ගිවිසුම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දෙවැනිදා පවත්වා ඇති අතර ඒ සඳහා උලමා සභාවේ ප්‍රධානින් සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ ඇතුළු බොහෝ නිලධාරීන් පැමිණ ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දැනටමත් මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ දැඩි විරෝධය දක්වා ඇත.

Facebook සටහනක් තබමින් දෙවටගහ පල්ලියේ සභාපති රියාස් සාලි මහතා සඳහන් කර සිටින්නේ

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව මගින් මක්තබ් මද්‍රසා නැවැත්වීමට නිර්දේශ කරයි, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව එය ප්‍රතිසංස්කරණය කරන බව පවසමින් මක්තබ් සඳහා සහාය දක්වයි