ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදි සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම පක්ෂ නායක රැස්වීම පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතව ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි සමගි ජනබලවේගය ගෙන ආ, විශ්වාසභංග යෝජනාව පසුගිය මස 22 වනදා කතානායකවරයාට භාර දුන් අතර, ඊට මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සන් කර තිබුණා.

මෙම විශ්වාසභංගය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී  ගනු ලබන තීරණයට අනුව එය, පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අනතුරුව එය විවාද කරන දිනය සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති.