ඇෆ්ගනිස්ථානයෙන් පලා එන සරණාගතයන්ට ඇමරිකාව තාවකාලික රැකවරණ ඉල්ලයි
ඇෆ්ගනිස්ථානයෙන් පලා එන සරණාගතයන්ට තාවකාලික රැකවරණ ලබාදෙන ලෙස ඇමරිකාව මධ්‍යම ආසියානු රටවල් තුනකින් ඉල්ලීම් කර තිබෙනවා.
තජිකිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසකස්තානය යන රටවලින් ඇමරිකාව මෙලෙස ඉල්ලීම් කර ඇති අතර, ඒ සඳහා දැනටමත් සාකච්ඡා සිදු කෙරෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වසර විස්සකට වැඩි කාලයක් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි ඇමරිකානු හමුදා මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඉවත්ව යාමට නියමිතයි. ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි කාලය තුළ ඇමරිකානු හමුදාවට අවශ්‍ය සේවා පහසුකම් සැපයූ ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 50,000 ක් පමණ සිටින අතර, ඔවුන්ට රැකවරණ ලබාදීමට ඇමරිකාව කටයුතු කරමින් සිටිනවා.
ඒ සඳහා වන අත්‍යවශ්‍ය ලේඛන කටයුතු අවසන් කෙරෙන තෙක් අදාළ පිරිස තජිකිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසකස්තානය යන මධ්‍යම ආසියානු රටවල රඳවා තැබීමටයි නියමිතව ඇත්තේ.