ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයක් එළිපත්තේ – හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙක් කියයි
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය 2013 වසරේ සිට ක්‍රමිකව මතුවූ තත්වයන්ට නිසි පිළියම් නොයෙදීම හේතුවෙන් ඇති වූවක් බව ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්රඥයෙකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසනවා.
පවති කිසිදු රජයක් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වර්ෂ 2019 වන විට මෙරට ආර්ථිකය අතිශය බරපතල තත්ත්වයකට ඇද වැටුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ක්‍රමිකව වර්ධනය වූ මේ තත්ත්වයත් සමග 2019 වර්ෂයේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා පහළ වැටුණු අතර 2020 වසරේදී ලොව පුරා පැතිර ගිය කෝවිඩ් වසංගත තත්ත්වය හෙතුවෙන් එය තවත් බරපතල අගාධයකට ඇද දැමූ බවයි ආචාර්ය විජේවර්ධන පවසන්නේ.
මේ නිසා 2020 වර්ෂයේ දී මෙරට ආර්ථික වර්ධන වේගය ඍණ 3.0ක මට්ටමක් දක්වා පහළ වැටුණු බව ඔහු පෙන්වා දෙනවා.
2021 වර්ෂයේදී මෙරට ආර්ථිකය යම් තරමකින් සවිමත් වන බවට පුරෝකථනයන් කෙරුණද තුන්වෙැනි කොවිඩ් රැල්ලත් සමඟ එම තත්ත්වයන් බිඳ වැටුණු අතර මේ වර්ෂය තුළ ද ආර්ථික වර්ධනයේ බලාපොරොත්තු විය හක්කේ රින අගයක් බවයි ආචාර්ය විජේවර්ධන පෙන්වා දෙන්නේ.
ඔහු පවසන්නේ දැනට මෙරට තුළ පවතින තත්ත්වය අනුව ආර්ථිකය නැවත යථාවත් කිරීම බලාපොරොත්තු විය හැක්කේ වර්ෂ 2025දී පමණ බවයි.
අද වන විට ශ්‍රී ලංකාව බරපතල විදේශ විනිමය අර්බුදයකට ලක්ව ඇති බවත් මහ බැංකුවට මුදල් සැපයීම පිළිබඳව ගැටළු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මෙරට තුළ විනිමය අර්බුදයක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකු බලධාරීන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය විජේවර්ධන කියාසිටියේ නිලධාරීන් ලෙස ඔවුන්ට ඉන් එහාට යමක් සිදු කළ නොහැකි බවයි.
නමුත් වර්ෂ 2013 සිට මෙරට අඩු වැඩි වශයෙන් විදෙස් විනිමය අර්බුදයන්ට මුහුණ දුන් බවත් ඔහු පෙන්වා දෙනවා.
නව රජය 2019දී බලයට පත් වූ විගස ස්වාධීන විගණන ආයතන මෙන්ම ආර්ථික විශේෂඥයින් ද මෙම අර්බුදය සම්බන්ධයෙන්යෙන් රජයේ දැනුවත් කළ බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ එවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට තුළ විනිමය අර්බුදයක් නැතැයි පැවසීම පිළිගත නොහැකි කරුණක් බවයි.
හිටපු මහ බංකු නියොජ්‍ය අධිපතිවරයා පවසන්නේ මේ අවස්ථාවේදී මහ බැංකුව විසින් සිදුකල යුතු ප්‍රමුඛතම කාර්ය වන්නේ පවතින තත්ත්වය සැඟවීමකින් තොරව නොවලහා හෙළි කිරීම බවයි.
එවන් ක්‍රියා මාර්ගයක් හරහා වෙළඳපොල තුළ මතුව ඇති අනවශ්‍ය බිය පාලනය කළ හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහ බැංකුවක සන්නිවේදන ප්‍රතිපත්තිය ලෙස අද පිළිගැනෙන්නේ සියලු තොරතුරු සැඟවීම කින් තොරව මහජනතාව වෙත ඉදිරි ඉදිරිපත් කිරීම බවයි.
එහිදී කරුණු අවබෝධ කරගන්නා මහජනතාව ද එළැඹෙන තත්ත්වයන්ට මුහුණදීමට දීමට සූදානම් කිරීම රටක් ලෙස වඩාත් ඵලදායී බව ඔහු සඳහන් කරනවා
මහ බැංකු අධිපති අධිපතිවරයා මෙරට තුළ විදෙස් සංචිත අර්බුදයක් නැතැයි පැවසු දිනට පසු දිනම මෙරට විදෙස් මුදල් ගනුදෙනු කෙරෙන කළු කඩ වල අමෙරිකානු ඩොලරය රුපියල් 220 දක්වා ඉහළ ගිය බවයි පෙන්වා දෙන ආචාර්ය විජේවර්ධන පෙන්වා දෙන්නේ ඒ වන විට මහා බැංකුවේ ඇමරිකානු ඩොලරයක් සඳහා පනවා තිබූ විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් දෙසිය දෙකක් ලෙසටයි.
එම තත්ත්වය හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දෙන ආචාර්ය විජේවර්ධන පවසන්නේ කරුණු සැඟවීම හරහා මේ තත්ත්වය තවත් බරපතල විය හැකි බවයි.
විදෙස් ණය ගැනීම් හරහා මෙරට ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ මහබැංකු උපාය මාර්ගය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය විජේවර්ධන කියාසිටියේ මැයි මස අග වන විට ශ්‍රි ලංකා මහ බැංකුව සතුව තිබූ භාවිතයට ගත් හැකි අමරිකානු ඩොලර් සංචිතය බිලියන 3.6ක් පමණක් වූ බවයි.
ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ජාත්‍යන්තර ණය වාරික ඇතුළු අනෙකුත් ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක පමණ විදේශ විනිමය සංචිතයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ඉන්දියාවෙන්,බංග්ලාදේශයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සියලු ලැබීම් එකතු කළ ද මෙරට විදෙස් මුදල් සංචිතය ඉහළ යන්නේ ඇමරිකානු ඩොලර් බිලියන හයක් දක්වා පමණක් බව පෙන්වා දෙන ආචාර්ය විජේවර්ධන කියා සිටින්නේ ඒ අනුව අමරිකානු ඩොලර් බිලියන 4ක පමණ හිගයක් මෙරට විදෙස් මුදල් සංචිතය තුල ඇති වන බවයි.
මේ හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම දිගින් දිගටම සිදු විය හැකි බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා පෙන්වා දෙනවා.
ඇතැම් විට පවතින තත්ත්වය හමුවේ රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 240 දක්වා ඉහළ යාහැකි බවත් පෙන්වා දෙන ආචාර්ය විජේවර්ධන කියා සිටින්නේ එම තත්ත්වය පාලනය කරගත හැක්කේ මහ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හරහා බවයි.
එම ක්‍රියාමාර්ග ද විනිවිද පෙනෙන ආකාරයට සිදු කර ඒ හරහා ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත් යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නව ලෝක ආර්ථික ප්‍රතිපත්ති අනුව යමින් මුදල් මුද්‍රණය කර ආර්ථිකයට මුදා මුදාහැරීම හරහා දැඩි උද්ධමනකාරී තත්ත්වය ඉදිරියේ දී ඇතිවිය හැකි බව පෙන්වාදෙන හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේ මහ බැංකුවේ නව පරිපාලනය යටතේ මාස 17ක් තුළ රුපියල් බිලියන 2401ක නව මුදල් මෙරට ආර්ථිකයට මුදා හැර ඇති බවයි.
එය අතිශය බරපතල තත්ත්වයක් බවයි ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන පෙන්වා දෙන්නේ.
1988 වසරේදී සහ 2008 වසරේ දී මේ ආකාරයෙන්ම දැඩි ලෙස මුල්‍ය අර්බූදයකට ශ්‍රී ලංකා මහ බැංකුව ප්රමුඛ මෙරට ආර්ථිකය මුහුණ දුන් බවත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අවශ්‍ය අරමුදල් ප්‍රතිපූර්ණය කර ගැනීම බව හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය මුදල් සඳහා ගෙවිය යුතු 0.5% වන පොලී අනුපාතයන් සලකා බැලීමේ දී චීනය,ඉන්දියාව,බංග්ලාදේශය ආදී රටවල් වලින් ස්වැප් පහසුකම් යටතේ ලබා ගන්නා ණය ලබා ගැනීම් වලට වඩා ප්‍රතිඵලදායක බවයි ආචාර්ය විජේවර්ධන පවසන්නේ.
කෙසේ වෙතත් පවතින තත්ත්වයන්ට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන විසඳුම් සොයා ගැනීම ද මහ බැංකුව සතු පැහැර හැරිය නොහැකි වගකීමක් බව පෙන්වා දෙන හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී දී රට බරපතළ ආර්ථික ආගාධයකට ඇද වැටෙනු නියත බවයි.