සංචරණ සීමා ලිහිල්වීමත් සමග දුම්රිය ගමන්වාර වැඩි කෙරේ
රජය මගින් අද (05) දින සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙතෙක් සිදු කළ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න පවසනවා.
ඒ අනුව දුම්රිය ගමන් වාර 74 දක්වා ඉහළ යනු ඇති.
මෙම දුම්රිය ගමන් වාර කාර්යාල සේවාවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියේ.
මෙම නව සංශෝධිත දුම්රිය ගමන්වාර කාලසටහන අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 14ක් ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 24ක් ද, කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියක් 10ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ගමන් වාර 14ක් යෙදවීමට කටයුතු යොදා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඉදිරියේදී සිදු කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම් අනුව දුම්රිය සේවාවන් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියාසිටියා.
කෙසේවෙතත් සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබෙන තුරු පළාත් අතර දුම්රිය ගමන් සේවාවන් ක්‍රියාත්මක නොකෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.