කොග්ගල ආයෝජන කලාපයේ බ්‍රැන්ඩික්ස් ආයතනයේසේවිකාවකට ද කොරෝනා 125 දෙනකුට පීසීආර් පරීක්ෂණයට
කොග්ගල ආයෝජන කලාපයේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ඇගලූම්හල් සේවිකාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වූ අතර ඇගේ ආශි‍්‍රතයන් 125 දෙනකුට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් පෙරේදා රාති‍්‍රයේම කටයුතු කර ඇත.
මෙම ඇගලූම්හල් සේවිකාව තවත් සේවිකාවක් සමග ඇගපත වේදානව සහ උණ රෝගී තත්ත්වයක් සමග ගාල්ල මහමෝදර පැමිණ ඇති අතර එහිදී එම සේවිකාවන් දෙදෙනාම රෝහල් පීසීආර් පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු එක් අයකුට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇතැයි ගාල්ල දිස්ති‍්‍රක් ප්‍රාදේශීය වසංගත රෝග ප්‍රධාන වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේය.