ජපානය චීනයේ ආක්‍රමණශීලී සමුද්‍ර ආරක්ෂණ ප්‍රතිපත්තිය විවේචනය කරයි.

ලෝකයේ වඩාත්ම තීරණාත්මක ජල තීරුවලින් එකක් වන තායිවාන් සමුද්‍ර සන්ධි කලාපය තුල සාමයේ හා ස්ථාවරත්වයේ වැදගත්කම ජපානය අවධාරනය කර හිබේ.

ආසියාව චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් සහභාගී වූ රැස්වීමකදී ජපාන ආරක්ෂක අමාත්‍ය නොබුඕ කිෂි කියා සිටියේ තායිවාන් සමුද්‍ර සන්ධිය පිළිබඳ ගැටළුව අදාළ පාර්ශ්වයන් අතර ඍජු සංවාදයක් තුළින් සාමකාමීව විසඳනු ඇතැයි ජපානය අපේක්ෂා කරන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තායිවාන් සමුද්‍ර සන්ධිය යනු කිලෝමීටර් 180 ක් පළල සමුද්‍ර සන්ධියකි. එය තායිවානය සහ මහාද්වීපික ආසියාව වෙන් කරයි.

කෙසේ වෙතත්, සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර මුහුදු තීරයේ පවතින අතර චීනය තායිවානය තමන්ගේ භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කරන අතර චීනය එක්සත් ජනපද නාවික හමුදාව එම ප්‍රදේශයට පැමිණීම දිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී රජයට දක්වන සහයෝගයක් ලෙස සලකයි.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද සාමාජික රටවල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති ආසියාන් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීම කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය දිනක මාර්ගගතව පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් ජපාන ආරක්ෂක අමාත්‍ය කිශි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේ චීනයේ මුහුදු ප්‍රදේයට ඇතුල් වන විදේශ නැව් වලට එරෙහිව ආයුධ භාවිතා කල හැකි නව නීතියක් චීනය පෙබරවාරි මාසයේදී ක්‍රියාත්මක කල බවත් මෙම නීතියේ අන්තර්ජාතික නීතියට අනුකූලව බලන විට ගැටළු සහගත වන විධිවිධාන අඩංගු වන බවත් ය.

චීනය මුළු දකුණු චීන මුහුදටම පාහේ සිය අයිතිය ප්‍රකාශ කරන අතර බෘනායි, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය සහ තායිවානය යන රටවල අයිතීන් උල්ලංඝනය කර ඇත.

මේ වනවිට චීනය හේග් හි ස්ථිර බේරුම්කරණ අධිකරණය 2016 දී ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවද නොතකා දකුණු චීන මුහුදේ වර්ග මිලියන 3.5 න් 90% කම සිය අණසක පතුරමින් සිටී.