මෙන්ඩිස් කොම්පැනියට යළි අවසර දීම ගැන ජනාධිපති දන්නෙත් නැතිලු !
මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍ර යළි සක්‍රිය කිරීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුවත්භාවයක් නොමැතිව සිදු වූ බව රජයේ ආරංචි මාර්ග පවසනවා. ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවසරය නොමැතිව සුරාබදු කොමසාරිස්වරයා විසින් සිය තනි තීරණය මත මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයා හමුවට කැඳවීමට නියමිතය.
කෙසේ නමුත් සුරාබදු කොමසාරිස්වරයා පවසන්නේ හිතුමතේ තමන් මෙම තීරණය නොගත් බවයි. මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මත මෙම තීරණය ගත් බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්, එස්.ආර්. ආටිගල මහතාගේ අත්සනින් මුදල් අමාත්‍යංශයේ තීරණය නිකුත් වූ බවද සුරාබදු කොමසාරිස්වරයා පවසනවා. තමන් ජනාධිපතිවරයා හමුවට කැඳවුවහොත් සිදුවූයේ කුමක්ද යන්න සියලු තොරතුරු සහිතව අනාවරණය කිරීමටද සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මුදල් අමාත්යරවයාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර යළි සක්‍රිය කිරීම සම්බන්ධයෙන් තමාද දැනුවත්ව නොසිටි බවයි. ඔහු සිය හිතවතුන් සමග පවසා තිබෙන්නේ සුරාබදු කොමසාරිස්වරයාගේ හිතුවක්කාරී තීරණ හේතුවෙන් තමාගේ නමටද කැලැල් ඇතිවන බවයි.