අතවශ්‍ය නොවන භාණ්ඩ ආනයන අත්හිටුවන්නැයි මහ බැංකුව දැනුම් දේ..

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්හිටුවිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

නමුත් පවතින තත්වය කළමණාකර ගැනීමට වෙනත් උපක්‍රම භාවිතා කිරීමට රජයේ අපේක්ෂාව බවද ඒ මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දැනට ආනයනය සීමා කර ඇති භාණ්ඩ වලට අමතරව වෙනත් කිසිම භාණ්ඩයක් ආනයනය අත්හිටිවීමට රජය මේ දක්වා තීරණය කර නැති බවද ඒ මහතා සදහන් කලේය.

කෙසේ වෙතත් එලෙස ආනයන සීමා කිරීම නොකිරීමට නම් සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවද ඇමැතිවරයා පැවසීය.

වසරකට උවමනා භාණ්ඩ ප්‍රමාණය එකවර ආනයන නොකර ස්වෙච්ඡාවෙන්ම සීමා පමුණුවා ගත යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේ ය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මුදල් අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.