කාදිනල් හිමියෝ ආණ්ඩුවට එරෙහිව එළියට….

මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩකර එහි ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරයක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එවැනි පරිසර විනාශයකට කිසිවිටෙකත් ඉඩනොදෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

පරිසරයට හානි කරමින් සිදුකරන ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති නොව විනාශකාරී ව්‍යාපෘති බව කී කාදිනල්තුමෝ මුතුරාජාවෙලට අත නොතබන්නැයි තමන් යළිත් රජයට දැනුම්දෙන බව ද සඳහන් කළහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව දෙස බැලීමේදී එහි මූලික නීතිමය දුර්වලතා රැසක් ද ඇතැයි කී අගරදගුරුතුමෝ තමන් ඊට විරෝධය පා මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යොමු කළ බව ද පැවසූහ.

කොළඹ වරාය නගරය, බහුකාර්ය ප්‍රවාහන මධ්‍යසස්ථානය, සමුද්‍ර නගර ව්‍යාපෘතිය ආදිය වෙනුවෙන් විදුලිය ලබාගැනීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යන බව ද කාදිනල්තුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ බොරැල්ල, අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.