සෞඛ්‍ය වර්ජනය අවසන්

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින් පරිපූරක, අතුරු වෛද්‍ය සේවා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආරම්භ කළ අඛණ්ඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි විසින් අද දහවල් ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මතයි.