ආණ්ඩුව හෑල්ලු කරන අයට ආණ්ඩුවෙන් යන්නැයි මහින්ද කියයි..

ප්රසිද්ධියේම ආණ්ඩුව හෑල්ලුවට ලක් කරමින් අදහස් පළ කරන මැති ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යාමට දොර විවෘත කරන්නේ යැයි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ප්රශ්නයක් ඇත්තේ නම් ඒ ගැන සාකච්චා නොකර එය රටේ ප්රසිද්ධ කරන ක්රමවේදය කිසිවකු පිළිනොගන්නා බව ද ඔහු පවසයි.
ඇතැමුන් මෙවන් ප්රකාශ ප්රසිද්ධියේ කරන්නේ විශාල ප්රචාරයක් ලබා ගෙන ජනතාවගේ සැබෑ වීරයන් ලෙස පෙනී සිටීමට බවද ඔහු තව දුරටත් කියා සිටියේය.