හෙද සංගම් වර්ජනය නවතද්දී දොස්තරවරු වර්ජනයකට….!

හෙද ඉල්ලීම් ජාතික වැටුප් කොමිසමට යොමුකර ජාතික වැටුප් ප්‍රතිපත්තියමත තීන්දු තීරණ ගත යුතු බවත්, එසේ නොවන්නේ තම සංගමයටද වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජාතික වැටුප් ප්‍රතිපත්තියට පිටුපා අත්තනෝමතික ලෙස සෘජුවම කැබිනට් අනුමැතිය ලබාගැනීමට උත්සහ කිරීම තුළින් මුළු රාජ්‍ය සේවයම අර්බුදයකට ලක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය. පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යම් කණ්ඩායමකට වැටුප් ගැටළු ඇත්නම් ඔවුන් යා යුත්තේ ජාතික වැටුප්  කොමිසමට බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

එසේ කිරීමට රජය අපොහොසත් වුවහොත් අකමැත්තෙන්  හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.