ඩෙල්ටා ආසාදිතයන් දහස් ගණනක් රට පුරා.. සති දෙකකින් ඉන්දියාව වගේ වෙයි..
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන්ගෙන් 5% වඩා අසාධ්‍ය තත්වයට පත් වන බවත් 2%ක් ජීවිතක්ෂයට පත්විය හැකි බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
එහි සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ තවත් සති දෙකකින් පමණ මෙම තත්ත්වයට ඇති වීමේ වැඩි ඉඩක් ඇති බවයි.
අද ජනතාව නොසැලකිලිමත්ව හැසිරුණහොත් ඉන්දියාවට සිදු වූ දේ ශ්‍රී ලංකාවටද සිදු වන බව සැකයක් නැතිව පැවසිය හැකි බවද ඇය සඳහන් කළාය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගුණරත්න මහත්මිය මේ බව පෙන්වා දුන්නාය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ආසාදිතයන් දහස් ගණනක් මේ වන විට සමාජයේ සිටිය හැකි බවයි.