2008 සිට ශ්රී ලංකන් පාඩුව රුපියල් බිලියන 371 යි – හේතුව හෙළිවේ
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්රී ලංකන් සමාගම 2008 වසරේ සිට 2020 මාර්තු දක්වා රුපියල් බිලියන 326 කුත්, 2020 මාර්තු සිට මේ දක්වා රුපියල් බිලියන 45කුත් බැගින් රුපියල් බිලියන 371ක දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි අද පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටු රැස්වීමේදී හෙළිදරව් වී ඇතැයි අනාවරණය වේ.
මෙම පාඩුව සදහා ප්රධාන වශයෙන්ම බලපා ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය සමයේ ශිරන්ති වික්රමසිංහ මහත්මියගේ සොහොයුරා සභාපතිවරයාව සිටියදී සිදුකල එයාර්බස් ගණුදෙනුව වන අතර එයින් ඇමරිකානු ඩොලර් බිලියන එකක හෙවත් රුපියල් බිලියන 200කට ආසන්න මුදලක් පාඩු ලැබීමට ගුවන් සමාගමට සිදුවී තිබේ.
A330 ගුවන් යානා හයක් සහ A350 ගුවන් යානා 4 ක් මිලදී ගැනීමට ඩොලර් බිලියන 2.8 ක ගිවිසුමක් ශ්රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම විසින් ඇතිකරගත් නමුත් පසුව එම ගිවිසුම අත්හිටුවනු ලැබීය.