මහින්ද ජයසිංහට සහ දුමින්ද නාගමුවට ඇප
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුලු 6 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කිරීමටයි.
එමෙන්ම සැකකරුවන් අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශය අනුව ඍජු නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ පල්ලෙකැලේ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක කාලයක් ඔවුන් නිරෝධායනයට යොමුකරන බවයි.
අනතුරුව අධිකරණය ඉදිරියේ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.
මේ අතර නිරෝධායන නීති කඩ කරමින් ජාඇල නගරයේ පැවති උද්ඝෝෂණයක් අතර අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුලු සැකකරුවන් දෙදෙනා ද ඇප මත නිදහස් කර තිබෙනවා.